Saturday, October 26, 2013

හීන ගොඩාක් එක්ක ජීවත් වෙන්න,එ හීන සෑබෑ කරගන්න අපි කොයි තරම් නම් මහන්සි වෙනවද? එ එක හීනයක් හරි සෑබෑ උනෙ නෑත්නම් හිතට මහ බරක්,එ බරත් එක්කම ජීවිතෙ කරපින්නගෙන මේ හෑල්මේ දුවන්නෙ අනිත් හීන ටික හරි සෑබෑ කරගන්න,දුවන්න දුවන්න හති වෑටුනත් මෙ දිවිල්ල කවද හරි නතර වෙනවා.එතකොට අපේ හීන ගොඩ කරපින්නගෙන දුවන්න තව කට්ටියක් මේ ලොකෙට එනවා.
 

 ඔව් උඹ හිතුව හරි මන් උබ ගෑන ලියන්න තමයි අවේ,එත් උඹෙ ජීවිතෙදි උබ කටු කාපු විදිහට මන් උබ ගෑන මෙහෙම ලියල මදි,උඹ ජීවිතෙ දින්නා කෙල්ලෙ එත් උබව පරද්දුවෙ උබ පතාගෙනම ආපෙ උබේ කරුමක්කාරකම.

 උබට මතකද මමයි උබයි හම්බ උන විදිහ? මට මතකයි බන්.

ගෙදරට අවිල්ල උගන්නන සර්ලගෙන් ඉගනගෙන මට බෑහෑ අම්මේ.මට ස්පීඩ් එක හදාගන්න ඔනෙ.පිසික්ස් වලදි හෑමදාම මම තමයි අන්තිමට ගාන හදන්නේ.මට මේක එපා වෙලා මන් එ ලෙවල් කරන එක නවත්තනවා කියල ගෙදරට තර්ජන පාරක් දාල තමයි මන් උබ ඉන්න පන්තියට ආවෙ,

අඹ ලෑලි වලින් හදපු එ බන්කුවක උඹ වාඩි වෙලා හිටියෙ,ලස්සනට පාට නෑතත් උබ ඈදන් හිටිය ඈදුමෙන් මන් උබව මනින්න හෑදුවේ නෑහෑ උඹ ඈදන් හිටහිටපු අදුම ටිකක් පරන පාට උනත් මට උබ ගාවින්ම ඈවිදින් මට ඉදගන්න හිතුනා

No comments:

Post a Comment